Header Ads

ලිංගික අතවරයක් කරන්න ආපු පාපතරයාට හොරෙක් ඇවිත් දුන්න ගේමක්

Rape
ගාල්ල ප්‍රදේශයේ පදිංචි හැට හත් හැවිරිදි පස්දරු මවක් මාතර ප්‍රදේශයට ගෙන්වා රවටාගෙන ත්‍රිරෝද රථයකින් කැලෑ ප්‍රදේශයට ගෙන ගිය පුද්ගලයකු ඇයට ලිංගික අතවරයක් කිරීමට තැත් කරන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයකු විසින් මොනවටද මේ නාකි ගෑනි ගෙනාවේ කියා අසා එම කාන්තාව කැලෑ ප්‍රදේශයට ගෙන ආ පුද්ගලයාගේ මාලය කඩාගෙන අනතුරුව එම කාන්තාව පැලැඳි රුපියල් අසූ දහස් අටසියයක් වටිනා රන් භාණ්ඩද රැගෙන ගිය බවට පවසමින් සිද්ධියට මුහුණ දුන් කාන්තාව මාතර පොලිසියට කළ පැමිණිල්ලක් මත මාතර පොලිසිය විසින් සැකපිට හතළිස් දෙහැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ කාන්තාව 2016 සැප්තැම්බර් 14 වැනිදා වැඩකට ගොස් සිය නිවෙසට එමින් සිටි අවස්ථාවේදී වයස අවුරුදු හතළිස් පහක පමණ පුද්ගලයකු පැමිණ වයස අවුරුදු දහතුනක දරුවකු සිටින තමාගේ බිරිය මිය ගොස් ඇති බවත් තම නිවෙසේ වැඩට කවුරුන් හෝ හොයලා දෙන ලෙසත් රුපියල් තිස්දහසක මුදලක් දෙන බවත් පවසා ඇත. පසුව තමා වැඩට එන්නම් කියා පැවැසූ බවත් මෙම කාන්තාවගේ දුරකතන අංකය දුන් බවටත් ඇය පවසා ඇත.
2016 සැප්තැම්බර් 15 වැනිදා තමා ගාල්ලේ සිට මාතරට පැමිණ දුරකතනයෙන් එම පුද්ගලයාට කතා කර ඇති අතර ඇයට මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ අසල ස්ථානයක් පවසා එහි රැඳී සිටින ලෙසටද දන්වා ඇත.
එම පුද්ගලයා පැවැසූ ස්ථානයේ සිටින විට ත්‍රිරෝද රථයක් පැමිණ තමා කැලෑ ප්‍රදේශයකට රැගෙන ගිය බවත් එහිදී රථය නවතා ඇයට අයුතු යෝජනාවක් කළ බවත් ඇය එයට විරුද්ධ වූ බවත් අනතුරුව පිහි දෙකක් අතැතිව තවත් පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණ ඇති බවත් එම පුද්ගලයා විසින් මොනවටද මේ නාකි ගෑනි ගෙනාවේ කියා පවසා ඇය රැගෙන පැමිණි පුද්ගලයාගේ මාලයද කඩාගෙන තමාගේ බෙල්ලට පිහියක් තබා පැලඳි රන් බඩුද කඩාගත් බවත් ඇය පවසා ඇත.
මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතාගේ උපදෙස් මත මාතර අපරාධ අංශයේ ස්ථානාධිපති ක්‍රිෂාන්ත ලොකුගේ මහතා ඇතුළු නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

No comments

Powered by Blogger.